උසස් පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය දීර්ඝ වේ

මෙවර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයැදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයැදුම් කිරීම ජූලි 10න්  අවසන් වීමට තිබූ අතර එය ජූලි 12 වන දා දක්වා දීර්ඝ කරන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරන ලදි.