දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

එසේම හෙට දින ධාවනය වීමට කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවද පවසයි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය මත හෙට දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය භාවිත කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා ඇතිබව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.