අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කිරීම සියලු අංශවල වගකීම බව අගවිනිසුරු කථානායකට ලිපියකින් දන්වයි

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයාට මන්ත්‍රී වරප්‍රසාද හා බලතල හැර අනෙකුත් සියලුම කාරණාවලට අදාළව මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම අධිකරණය වෙත පැවරී ඇතිබව දැනුම්දී තිබේ.

මේ දැනුම්දීම අගවිනිසුරුවරයා කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් අධිකරණයේ ඇතැම් කටයුතු හේතුවෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතිබවට පාර්ලිමේන්තුවේ හා කතානායකවරයාට ලිපියක් යවමින් පෙන්වාදී ඇති කරුණුවලට අදාළවය.

මෙරට ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා භාවිත කරන අතර පාර්ලිමේන්තුව විසින් ඍජුවම එම බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පමණක් කටයුතු කිරීමට සීමා කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දෙයි.