පළමු කිලෝමීටරයට රු100 යි – බස්නාහිර මාර්ගස්ථ අධිකාරියෙන් ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක්

ජූලි මස 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වෘත්තීයමය ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරයට රුපියල් 100ක් ද 2 වැනි කිලෝමීටරයේ සිට වන සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 90 බැගින් ද අයකළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්.ප්‍රසන්න සංජීව මහතා ඊයේ (09 වැනිදා) බත්තරමුල්ල රන්මගපාය පැවැති මාධ්‍ය හමුවේදී පවසන ලදි.

මෙය මිල සමාලෝචන කමිටුවේ තීරණය අනුව ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ වනවිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ 2500ක් ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බවත් පැවසීය.