ශ්‍රී ලංකාවට මී සහ එළ ගවයින් ලබාදීමට ඉන්දියාව හා පකිස්තානය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි

මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්තානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම විශාල බලපෑමක් එල්ල කර ඇත.

දැනට අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින් අතරින් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.