නවසීලන්ත කතානායකතුමන් ගංගාරාමය වැඳපුදා ගනි

නවසීලන්ත පාර්ලිමේතුවේ කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතුළු එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 8 සිට (11) වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. 

කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි දූත පිරිසට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.

කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතළු දූත පිරිස සිය නිල සංචාරයේ අවසන් දිනයවූ අද (11) ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අමතක නොකළහ. නවසීලන්ත දූත පිරිස පිළිගත් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඔවුන්ට ආගමික වතාවත් පිළිබඳව පැහැදිලි කරමින් ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.