ලියාපදිංචි සමාගම් යළි ලියාපදිංචි කරන්න කෙරේ

මෙරට සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබිණි.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගම් වලට අදාල ක්‍රියා පටිපාටි, මෙහෙයුම් සහ වෙනත් අවශ්‍යතා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දැක්වෙයි.

 2024-03-31 දින වන විට එම පනත යටතේ සංස්ථාපනය කර හෝ ලියාපදිංචි කර ඇති සමාගම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 199484 ක් පමණ වේ.

එකී පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින් සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින් ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන  ඇත.