වතු පාසල් වල පන්ති කාමර හැටක් SMART වෙයි

වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි තෝරා ගත් වතු ආශ්‍රිත පාසල් වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා අනුමැතිය ලබා දී ඇත.