පෙට්‍රල්- ඩීසල් වෙනුවට හරිත හයිඩ්‍රජන්

සංවර්ධනය පිණිස හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී  තිබේ.

ඒ අනුව හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන ඇත. 

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ  සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය ප්‍රකාශ කරයි.