විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයත් නවතියි

වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක විධායක ශ්‍රේණියේ සාමාජිකයන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙයි.

සිය ඉල්ලීම් සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.