වතු කම්කරුවන්ගේ යෝජිත දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 9ක් එකඟ වූ බව ඇමැති මනූෂ නානායක්කාර පවසයි

පෙරේදා (10) දිනයේ රැස් වූ වතු සමාගම් 09ක් වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි.

එම මුදල මෙම මාසයේ සිටම වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් ඇමැතිවරයාට එකඟතාව පළ කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර පෙරේදා (10 දා) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළැඹ තිබෙයි.