“ජනපතිවරණය කල් දාන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ” විදේශ ඇමැති අලි සබ්‍රි මහතා පවසයි

ඊයේ (11 දා) විදේශ ඇමැති අලි සබ්‍රි මහතා විපක්‍ෂය මොන තරම් බොරු කතා පැතිරවුවත් ජනපතිවරණය කල් දමන්න ආණ්ඩුව කිසිවිටෙකත් සූදානම් නැති බව පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ බව ඇමැතිවරයා නිසි කාලය තුළ ජනපතිවරණය පැවැත්වීම පිළිබඳව විපක්‍ෂය ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් සඳහන් කළේය.