ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය අසා කම්පනයට පත් වූ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව අසා තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එසේම හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිරුපද්‍රිතව සිටීම සතුටට කරුණක් බවද සඳහන් කරන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටි.