මිනිසුන් ඝාතනය සැබෑ විප්ලවය නොවන බව ජනපති පවසයි

මුළු ලොවම තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

මෙහිදී ඉදිරි සතියේදී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡා කරන බවද,ඊට සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.