දීඝවාපී සෑ ගැබේ ධාතු තැන්පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරිම  පවත්වනු ලැබිය.

ධාතු තැන්පත් කිරීමට සමගාමිව දිඝවාපි පුදබිමේ ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරිම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකෙරින.

මෙම ධාතු මන්දිරය ශ්‍රිලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලදි.

මෙම අවස්ථාවට සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා,නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඒ.කුලතුංග 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පෙරේරා මහතා ඇතුලු විශාල පිරිසක් සහාභාගිවිය.