උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදි.

ඉකුත් (12)  දා, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.