කීරි සම්බා හිඟයට තිත තියන සැලසුම සාර්ථක බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි

වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  

මෙරට  පැවැති කීරි සම්බා සහල් හිඟය නිසා  හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිත්තර වී සදහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දෙන ලදි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් මෙවර යල කන්නයේ දී ආරම්භ කෙරිණි.