උද්ඝෝෂණ වලින් නැති වන්නේ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය බව පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පවසයි

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන නැවත නැවත සිතා බැලිය යුතු බව ප්‍රකාශකරන ල දි .

මෙම උද්ඝෝෂණ වලින්  අහිමින්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බව අබේවර්ධන මහතා පැවසීය.

මෙි බව  ඒ මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමිනි.

මෙහි දී අබෙිවර්ධන මහතා දැන්වත් විනෝදාංශෙට බොරු කියන සම්ප්‍රදාය දේශපාලන පක්ෂ විසින්  නැවැත්විය යුතු බවද පැවසීය.