ප්‍රවාහනය අත්‍යවශ්‍ය කර ගැසට්ටුවක් නිකුත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයෙහි මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව සඳහන්වේ

මීට පෙරද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබිණ.

 නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර ඇත.