ඉදිරි ජනපතිවරණයේ ඉරණම – අද පෙත්සමේ තීන්දුව මත තීරණය වෙයි

ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නාතුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතය.

 එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේද නැතිද යන ශ්‍රේෂ්ඨාධිකරණය අද (15දා) ලබාදෙනු ලබන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම තීරණය කෙරෙනු ඇත.