ජනපති අරමුදලින් රෝගීන්ට දුන් දීමනාව 100% කින් ඉහළට,ඉල්ලුම් පත්‍රය ලැබී සතියකින් ගෙවීම් – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

රෝගී ජනතාව සඳහා මෙතෙක් ලබා දුන් දීමනාව 50% සිට 100% දක්වා වැඩි කර තිබෙනවා. ඉල්ලුම් පත්‍රය ලැබිලා සතියක් ඇතුළත ගෙවීමට කටයුතු කරනවා“ යැයි ඊයේ (16) කෑගල්ලේදී පැවැසීය.

මේ බව මුදල් රාජ්‍ය අැමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 3750කට ජනාධිපති ශිෂ්‍යත්ව, පාසල් බෑග් හා පැළයක් බැගින් බෙදාදීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

 මෙම උත්සවය කෑගල්ල නිදහස් මාවතේදී සිදු කෙරිණි.

මෙහිදි උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා දර්ශනි ඉද්දමල්ගොඩ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහත්ම මහත්මීන්ගේ සුරතින් ශිෂ්‍යත්ව, බෑග් හා පැළ බෙදාදීම සිදු කෙරිණි.