අදත් මුහුද රළු වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනය සඳහා ද තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස සඳහන් කරයි.

දැනට සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

ඉහත අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා බලපැවැත් වේ.