විදුලි බලාගාර ජලාශ පිටාර යයි

සති කීපයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවති.

(17) පෙරවරුව වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 05 ක් හා 12 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.