ඇමැති බන්දුලගේ ඇමැතිකම ඇපේට

ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (17) සවස හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බව ද ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී  පවසන ලදි.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලෙවි හලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින්  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහා සංඝරත්නය හෝමාගම පිටිපන අවුකන පිළිමය අසලදී සත්‍යයක් ක්‍රියාවක  (17) දින සවස නිරත වීමෙන් පසු ජනතාව දැනුවත් කරමින් එලෙස පැවසීය.