‘‘එල් බෝඩ්’’ පක්ෂවලට මේ වෙලාව නොවන බව වජිර අබේවර්ධන මහතා පවසයි

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති එක්සත් ලක්වනිතා පෙරමුණේ  රැස්වීමක් අමතමින්‘එල් බෝඩ්” දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට  පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හැම විටම සත්‍ය පවසන පක්ෂයක් බව පැවසු අබේවර්ධන මහතා කවුරුන් හෝ මේ මොහොතේ බොරු කියා යන පාර වෙනස් කළොත් ඡන්දෙන් පසුව ඒ අයගේ ගෙවල් වලට ගොස් කන්න බොන්න ඉල්ලා ගන්නට ජනතාවට සිදුවනු ඇති බව පැවසීය.

රනිල්  රට බාර ගෙන දේශපාලන පක්ෂ වලට බොරු කීමට නොහැකි වන ආකාරයේ  පනතක් පවා සම්මත කරගෙන තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ විනය ගරුක පාරෙන් පිට පැන්නොත් රටට මාවතක් නොමැති වනු ඇති බව ස|හන් කළේය.