වැවිලි පොහොර මිල ඇඟට දැනෙන ගානකින් පහතට

කෘෂිකර්ම අමාත්‍යාංශය  කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිත කරන පොහොර වර්ග පහක මිල (17) සිට රුපියල් 1500 – 2000 අතර  මිල ගණන් වලින් අඩු කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග වලට යොදන පොහොර මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට දුන්  උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබේ.

රුපියල් 9000ක් ලෙස පැවති APM පොහොර කිලෝ පනහක බෑගය රුපියල් 7200 දක්වා ද, රුපියල් 8000ක් වූ YPM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 6200 දක්වාද ,රුපියල් 9750 කට අලෙවි කෙරුණු කුරුඳු යූරියා කිලෝ පනහක බෑගය රුපියල් 7950 දක්වා ද අඩු කෙරෙනු ඇත.

රුපියල් 8000කට අලෙවි කෙරුණු කුරුඳු (SA) කිලෝ 50 බෑගය රුපියල් 6200 කට සහ රුපියල් 11000 කට අලෙවි  වූ TDM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 9200 ක් දක්වා අඩු කෙරෙන බව රාජ්‍ය පොහොර  සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසන ලදි.