මේ වැඩ­පි­ළි­වෙළ වෙනස් කළොත් 2022දී තිබුණු තැන­ටම රට වැටෙ­න බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ පවසයි

ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා එසේ ප්‍රකාශ කළේ රුපි­යල් මිලි­යන 500ක විය­ද­මින් මාතලේ නග­රයේ ඉදි­කළ නව සිවු­ම­හල් මහ­ජන බැංකු ප්‍රාදේ­ශීය කාර්යා­ලය හා මහ­ජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්විය.

එම අවස්ථාවේ දීජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු රජය අද ගෙන යන ආර්ථික වැඩ­පි­ළි­වෙළ යම් හෙය­කින් වෙනස් කළොත් දින 14ක් වැනි කෙටි කාල­ය­කදී නැව­තත් රට 2022 දී තිබුණු තත්ත්ව­යට පත්වන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා පැවැ­සීය.