ලොකු කුඩා ව්‍යාපාර නංවන්න මූල්‍ය පහසුකම් පැකේජයක් හදුන්වාදෙයි

ඊයේ (18)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණගැන්වීම සඳහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දෙන ලදි.

මෙහි දී සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගිත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේ ද පැවැති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහාය වීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබාදීම සිදුකෙරෙන බව සදහන් වේ.