මාලි­මාවේ ජය­ග්‍ර­හ­ණ­යක් ගැන සිතීමටවත් හැකි­යා­වක් නොමැති බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර‍ මහතා ප්‍රකාශ කරයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා 2020 මහ මැති­ව­ර­ණ­යේදී ජනතා විමුක්ති පෙර­මුණ විසින් 3.84%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් වාර්තා කර­මින් ඡන්ද හාර­ලක්ෂ පන­ස්ද­හ­සක ප්‍රමා­ණ­යක් ගත් අතර, මෙවර ජය­ග්‍ර­හ­ණය කරන අපේ­ක්ෂ­ක­යාට ලක්ෂ හැත්තෑ­වක පමණ ප්‍රමා­ණ­යක් ඡන්ද අවශ්‍ය වන බවත්, ඒ අනුව මාලි­මාවේ ජය­ග්‍ර­හ­ණය ගැන හිත­න්න­වත් හැකි­යා­වක් නැති බවත් ප්‍රකාශ කරන ලදි.

ඊයේ (17)  සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ලක්ව­නිතා පෙර­මුණේ සාමා­ජි­කා­වන් සහ කාන්තා කලාප සංවි­ධා­ය­ක­ව­රි­යන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නට එක් වෙමින් ඔහු මේ බව පැව­සීය.