මෙරට දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගය අගෝස්තුවේ විවෘත වෙයි

මෙරට දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අගෝස්තු මාසය අවසන්වීමට පෙර විවෘත කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් රූපසිංහ මහතා පවසන ලදි.

මෙම පාලම ඉඟුරුකඩේ පිවිසුම සිට ගාලු මුවදොර පිවිසුම දක්වා කිලෝමීටර් 5.3කින් දිගය.

කුලුනු මත පමණක් ඉදිකර ඇති මෙම මාර්ගයේ මංතීරු 04කි.

මේ සඳහා රුපියල් බිලියන 28.002ක් වැයකර ඇතැයි ද ඒ මහතා සඳහන් කරන ලදි.

ඒ මහතා පළමු පියවර යටතේ ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කරන බවත් ඉන්පසු මහජනතාව සඳහා විවෘත කරන බවත් කීවේය.

මෙම මාර්ගය විවෘත කිරීමත් සමග කොළඹ නගරය යාකරන පළමු අධිවේගී මාර්ගය බවට වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය පත්වන බවත් පැවසූ ලේකම්වරයා කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 ක කාලයක් තුළ පැමිණිය හැකි බවත් පැවසීය.