විදෙස් සංචාරක පැමිණීම ලක්ෂ 11ක් ඉක්මවයි

(2024)  වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඉකුත් ජූලි 16 වැනිදා වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ගණන එකොළාස් ලක්ෂ හත්දහස් අටදෙනෙකි.

මේ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ඉහත සංචාරකයන්ගෙන් දෙලක්ෂ නව දහස් දෙසිය දොළොස් දෙනකු ඉන්දියාවෙන් ද එක්ලක්ෂ දාසය දහස් හාරසිය පනස් හය දෙනකු රුසියාවෙන් ද අනූඅට දහස් තුන්සිය පනස් අටදෙනකු එක්සත් රාජධානියෙන් ද හැත්තෑපන් දහස් දෙසිය විසිපස් දෙනකු ජර්මනියෙන් ද හැටනව දහස් අටසිය හැත්තෑ දෙදෙනකු චීනයෙන් ද පැමිණ තිබේ.

මේ මාසයේ 16 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන අනූහය දහස් හත්සිය පනස් නව දෙනෙකි.