සජිත්ට සහ අනුර කුමාරට ජනපතිගෙන් ආරාධනා

මෙරට අනාගතය දේශපාලන න්‍යාය පත්‍රය අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් ඔබේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවතදී පැවති එක්ව ජයගමු අපි ගම්පහ දිස්ත්‍රික් ජන රැළියේදී පවසන ලදි.

ඒ සදහා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ද තමා ආරාධනා කර සිටින බවද ජනාධිපතිවරයා සදහන් කරන ලදි.

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  සංවිධානය කළ මෙම ජන රැළිය අමතා අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, වෛද්‍ය රමේෂ් පතිරණ, ලොහාන් රත්වත්තේ සහ මහින්දානන්ද අලුත්ගමගේ, රුවන් විජයවර්ධන සහන් ප්‍රදීප් යන මහත්වරු ද අදහස් දක්වන ලදි.