‘අත’ නොවන වෙනත් ලකුණකින් විජයදාස පැමිණෙයි

මේ වනවිට ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘අත’ නොවන වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ උද්ගතව තිබෙන අර්බුදය හේතුවෙන් මේ වනවිට එම පක්ෂයෙන් බැහැර වෙනත් පක්ෂයක් යටතේ තරග කිරීමට ඔහු තීරණය කර ඇතැයි ද ඒ අනුව මෙම පියවර ගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කර තිබේ.

පක්ෂ කිහිපයක් සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව එක් පක්ෂයක් තෝරාගෙන ඇතැයි ද ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු පක්ෂය කුමක්ද ලකුණ කුමක්ද යන්න ප්‍රකාශයට පත් කරන බව ද එම ආරංචිමාර්ග සඳහන් කරන ලදි.