විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අභිමානයෙන් දිවි ගෙවිය හැකි රටක් ගොඩනඟන බව විගමනික හරසර” සමාරම්භක උළෙලේ දී ජනපති පවසයි

කුරුණෑගල සත්‍යවාදී පිටියේදී “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට එය මහත් ශක්තියක් වූ බව ද ප්‍රකාශ කෙරිණ.