වී නෙලා ගත් පසු මුං ඉපනැල්ලට

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් යල කන්නයේ කුඹුරු වල වී අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙනු ලැබේ. එක් ගොවියකු සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් 25 000ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙවර අතරමැදි කන්නයේ දී අක්කර 63750ක මුං ඇට වගා කිරීමට සැලසුම් කර ඇත.

දේශීය  වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20 000කි. අතරමැදි කන්නයේ මුං ඇට වගා කිරීම මගින් මෙරට මුං ඇට වලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන ලදි.