පළාත් පාලන ඡන්දෙට මුදල් ලබා දුන්නේ නම් රට වැටෙනවා- ජනපති පවසයි

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි.

අතීතයේ දීමැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී  පැවති පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන්ගේ හමුවට සහභාගී වෙමිනි.

මෙම හමුව දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව සංවිධානය කර තිබිණ.