ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කළ කාර්යයන් අසාමාන්‍ය බව  ඕස්ට්‍රේලියා හිටපු අගමැති පවසයි

ආර්ථික අර්බුදයෙන් අනතුරුව ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසන ලදි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්, තානාපතිවරුන් අතර සුහද හමුවක් පසුගියදා(19) කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති අවස්ථාවේදීය.

මෙම හමුව ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස්හි සභාපති නීතිඥ සුසන්ත කටුගම්පල මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.