රනිල් අත්‍යාවශ්‍යයි: 12ක් රහසේ හමුවී තීරණයකට එයි


මෙවර ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ජූලි 22 වන දා රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.


ඊට දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයන් සහභාගී වී ඇත.


එහිදී බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත.


ඊට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහාය ද ඔවුන්ට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.