දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

මහජන ආරක්ෂාව පිණිස දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසන ලදි.

ජනාධිපතිවරයා විසින් හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම කර ඇත.