ඡන්දෙට බාධා – උත්සව 30කට තිත

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන්   තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන්  නතර කෙරුණු බව පවසන ලදි.

ඔහු මෙහිදි කොමිසමට ලැබුණු  පැමිණිලි අනුව,  දේශපාලන මැදිහත්වීමෙන්  ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම්  සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන්  කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද   සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම  සහ  ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම  යන කරුණු සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව මෙම පියවර ගෙන තිබේ.