ආර්ථික පරිවර්තන පනත අද විවාදයට ගැනෙයි

මෙරට නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරන ලදි.

මෙරට ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන මඟ දැක්මක් සහිත පනතක් ලෙස මෙම පනත හැඳින්විය හැකි බව සියඹලාපිටිය මහතා පැවසීය.