රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් වෙත රු. 3000ක විශේෂ මාසික දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට (24) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ ය.