ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් ඇප තැන්පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කළේය. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

ඒ බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයාගේ මාධ්‍ය මගින් තහවුරු වූ අතර අමාත්‍ය මනූෂ නානායක්කාර ද උත්සවයකදී ඒ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.