සහය දුන් රටවල් සහ IMF කොන්දේසි අනුව වැඩ නොකළහොත් රට නැවත පෝලිම් යුගයට එළඹිය හැකි බව ජනපති පවසයි

කිනම් අයෙකු බලයට පැමිණියද ණය දුන් රටවල් හා අයි.එම්.එෆ්. සංවිධානයේ කොන්දේසිවලට අනුව වැඩ කිරීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැනට රටට ලැබෙමින් පවතින මුදල් යම් හෙයකින් නතර වුවහොත් රට නැවත පෝලිම් යුගයට යනු ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදි.