ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වයෙන් කිසිවෙකුට බැහැරවිය නොහැකියි– ජනපති

පෙරේදා (27දා) ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් අපි වසර ගණනක් දේශපාලන වශයෙන් බෙදී වැඩ කළ බවත් දැන් අපි සියලු දෙනා එක්ව දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගා දෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ගාල්ල දිස්ත්‍රික්කය මට විශේෂයි. මගේ පිය පෙළපත පැවත එන්නේ ගාල්ලෙන්. ඒ නිසා මෙම ගාලු‍ පුරවරය සමඟ මගේ සම්බන්ධයක් තිබෙනවා. අද මම මේ නගරයට පැමිණියේ විශේෂ වැඩකටයුත්තක් වෙනුවෙන්. ඒ අනුව මම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව මම දැනුම් දෙනවා. ඒ සඳහා මා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවද ප්‍රකාශ කළ යුතුයි. මම මේ තීරණය ගැනීමට පෙර සිතා බැලු‍වා. මීට වසර දෙකට පෙර මට මීට වඩා සිතා බලා තීරණයක් ගැනීමට සිදු වුණා.” යැයි ද පැවසීය.