ව්‍යවස්ථාදායක සභාවේ පත්කිරීමක් ඉවත්කිරීමට අධිකරණයට හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනපති සැරසේ

ව්‍යවස්ථාදායක සභාව මගින් නාමයෝජනා අනුමත කර පත්කරනු ලැබූ නිලධාරියකු ඉවත් කිරීමට අධිකරණයට බලයක් තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද ජනාධිපතිවරයා සැරසෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල යොදා ගනිමින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් පසු මෙලෙස විමසීම සඳහා ජනාධිපතිවරයා තීරණය කර ඇත.