රනිල් ඉල්ලුවොත් ඉහළින්ම සහයෝගය ලබා දෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස පක්ෂය පැවසුවහොත් ඉහළින්ම සහයෝගය ලබා දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එනමුත් එය පක්ෂය තීරණය කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශ කරන බවද  එතෙක් ඉවසන ලෙස ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය.

ඊයේ (28) කළ විමසුමකදී පක්ෂය සුදුසු තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කරන ලද්දේය.