අගෝ. 15 ජනපති නාමයෝජනා බාරගැනේ

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ.

 ඊයේ (26දා) මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින්නිකුත් කරනු ලැබීය.

ඇප මුදල් භාර ගැනීම ඊයේ (26දා) පෙරවරු 8.30ට ආරම්භ විය.

ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු රුපියල් 50,000 ක මුදලක් ද ලියාපදිංචි නොවූ පක්‍ෂයක හෝ සාමාන්‍ය පුරවැසියකු අපේක්‍ෂකයකු ලෙස තරග කරන්නේ නම් රුපියල් 75,000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු ය.

රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා  ඇප මුදල් භාර ගැනීම සිදු කෙරේ.