ජනපති අපේක්ෂක තේරීමට අද පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්

අද (29දා) සවස 4.00ට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු තෝරාපත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වෙනවාද නොඑසේ නම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් 12 දෙනකු අමාත්‍යවරුන් 18 දෙනකු සහ මන්ත්‍රීවරුන් 30 දෙනකු ස්ථාන කිහිපයකදී සාකච්ඡා කර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්වීමට තීරණය කළ බවද එම ආරංචිමාර්ග දක්වයි.