තවත් ඡන්ද වැඩ 200ක් මුද්‍රණාලයට එයි

මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකාවලට අමතරව විවිධ කාර්යයන් දෙසීයක් පමණ වෙනුවෙන් විශේෂ මුද්‍රණ කටයුතු ඉදිරි දින කීපය ඇතුළත රජයේ මුද්‍රණාලය වෙත පැවරෙන බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසීය.

ඉදිරි සති කීපය ඇතුළත මැතිවරණ කටයුතු සඳහා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය පැය 24 කාලය තුළම සූදානමින් සිටින අතර මැතිවරණ සඳහා අවශ්‍ය කඩදාසි තොග ගෙන්වා ඇතැයි ද ඇය පැවසීය.